විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම හරහා මෙරට අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදයට විසඳුම් සෙවිය නොහැකි බවත්, මෙම පියවර පිටුපස දේශපාලන අරමුණක් පවතින බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ පවතින්නේ සමස්ත නඩු ප්‍රමාණයෙන් 1%ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් වන බැවින්, එම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් සමස්ත නඩු ප්‍රමාදයට විසඳුම් නොලැබෙන බවයි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ විධායකයට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ ඇහිරීමට ව්‍යවස්ථාවෙන්ම විශ්‍රාම වයස තීරණය කර ඇති බව ඔහු අවධාරණය කළේය.
නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) වැනි නවීන ක්‍රමවේදයන් අධිකරණ පද්ධතියට හඳුන්වා දිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














