22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම්, පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉදිරිපත්වූ ඉල්ලීම් පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා පෙත්සම් විභාගය විනාඩි 15කට කල් තබා තිබේ.
අදාළ පෙත්සම් සලකා බැලීම අද (සැප්තැම්බර් 01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වූ අතර, විනිසුරු මඩුල්ලේ සංයුතිය සම්බන්ධයෙන් නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට මෙලෙස සභාව තාවකාලිකව කල් තබන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නිකුත් වූ වහාම පෙත්සම් විභාගයේ ඉදිරි කටයුතු නැවත ආරම්භ වීමට නියමිතය.














