ආණ්ඩුව බලයට පැමිණීම සඳහා සහ බලයේ රැඳී සිටීම සඳහා අසීමිත ලෙස බොරු පොරොන්දු ලබා දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තංගල්ලේදී පැවැත්වූ රැස්වීමකදී ප්‍රකාශ කර තිබේ.
වත්මන් ආණ්ඩුව යටතේ ජීවන වියදම දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇති බවත්, ගොවීන්, තරුණයින් ඇතුළු සමස්ත ජනතාවම මේ වන විට දැඩි පීඩනයකට මුහුණ දී සිටින බවත් හෙතෙම පෙන්වා දී ඇත. විශේෂයෙන්ම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට යෑමේදී වෘත්තීයවේදීන්, නීතිඥ සංගමය සහ අධිකරණ ක්ෂේත්‍රය සමඟ ගැටුම් ඇති කරගෙන ඇති බවත්, ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට දැඩි මානසික පීඩනයකට මුහුණ දීමට සිදුව ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
















