රජය 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමට විය හැකි බව නීතිඥ ගාමිණී අල්විස් පවසයි. “අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරමු” යනුවෙන් SOS සංවිධානය විසින් විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සම්මේලන ශාලාවේ පැවැത്തിയ මහජන සභාව සම්මන්ත්‍රණය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
දැන් යුද්ධයක් නැතත් ඩයස්පෝරාවට පෙර පරිදිම මුදල් ලැබෙන බැවින් අදාළ මුදල් රඳවා ගැනීමට නම් ඔවුන් ප්‍රතිඵල පෙන්විය යුතු බවත්, 22 වන සංශෝධනය යනු එවැනි අනතුරකට අත වනන එකක් බවත් හෙතෙම සඳහන් කළේය. එසේම, රටක නායකයෙක් “මගේ තනතුර නැති වුණත් මම මේක ගේනවා” යැයි පවසන්නේ මන්දැයි කල්පනා කර බැලිය යුතු බවද, මේ වන විට අධිකරණයේ විනිසුරු ධුර හතරක් හිස්ව තිබියදීත් 22 වන සංශෝධනය අවසන් වන තෙක් ඒවා පිරවීමට කල් මරන බවද නීතිඥවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














