27 April 2024
#දේශීය

අනවසරෙන් අඳින ලද විදුලි රැහැනකට අසු වු 23 හැවිරිදි තරුණයා මරුට

මන්දාරම්නුවර, ලබුහේන්වල, හපුගහවත්ත ප්‍රදේශයේ නිවසක් අසල ඉඩමක අනවසරයෙන් අඳින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මෙම සිද්ධිය ඊයේ (15) දහවල් 1 ට සිදු ව ඇති බව මන්දාරම්නුවර පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 23 ක් වු උඩවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මන්දාරම්නුවර පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *