27 April 2024
#දේශීය

රන්ජන්ට අගමැතිගෙන් නියෝගයක්

ශ්‍රී ලංකාවේ වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් දැක් වු අදහස් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබන 21 වනදා තමා වෙත ලිඛිතව යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත.

අද (15) දින රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමා ඇතුළු පවුලේ සියළු සාමාජික සාමාජිකාවන් බෞද්ධ විහාරස්ථාන හා සමීපව කටයුතු කරන බවයි.

රන්ජන් රාමනායක මහතා විසින් මහා සංඝරත්නයා සම්බන්ධයෙන් සිදු කර ඇති එම ප්‍රකාශය අග්‍රාමාත්‍යවරයා වශයෙන් ද එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍යවරයා සිය ලිපියෙන් දන්වා ඇත.

අග්‍රාමාත්‍යවරයා විසින් රන්ජන් රාමනායක මහතා වෙත යොමු කළ ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *