27 April 2024
#දේශීය

හෙරොයින් සමග රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙක් ඇතුළුව , පැය 24 තුළ බස්නාහිර පළාතේ 1662ක් අත්අඩංගුවට

අතුරුගිරිය, මොරටුහේන ප්‍රදේශයේදී පොලිසිය විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 කට අධික සංඛ්‍යාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර පිළියෙළ කරන්නෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම සැකකරු ගමන් කළ යතුරුපැදිය පරික්ෂා කර බැලීමේදී අදාළ හෙරොයින් තොගය සඟවා තබා තිබියදී පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 28 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

‪ගතවු පැය 24 තුලදී බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුම් වලදී පුද්ගලයින් 1,662ක් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය චෝදනා මත පුද්ගලයින් 748 දෙනෙකු සහ වරෙන්තු 696 දෙනෙකු සහ අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් 91 ක් දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *