• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස්නාහිර පළාතේ ගංවතුර පාලනයට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් –  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය

17 January 2024
in පුවත්, සංවර්ධන
ඉඩම් බැහැරදීමෙන් මෙම වසර තුලදී රුපියල් බිලියන 9ක ආදායමක්  – නාගරික සංවර්ධන අධිකාරිය
බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.  බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසිනි.

බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය කිරීමට ප්‍රධාන ව්‍යාපෘති 6 ක වැඩ කටයුතු සිදු කිරීමට නියමිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.
ඒ අනුව මහ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සදහා මේ වසර තුළ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 292 කි. කොළඹ ගංවතුර පාලනය කිරීම හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පදනම් කර ගනිමින් 2012 වසරේදී ලෝක බැංකු ආධාර සහ දේශීය අරමුදල් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ. මෙම වර්ෂය සදහා වෙන්කර ඇති මුදලින් නොරිස් ඇළ උප ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කොටස සහ ඒකාබද්ධ වැසි ජල කළමණාකරණ පද්ධතියෙහි ඉතිරි වැඩ අවසන් කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ අඹතලේ පොම්පාගාරය, මාදිවෙල නැගෙනහිර හැරවුම,ටොරිංටන් උමඟ සංවර්ධනය කිරීම ඇතුළු උප ව්‍යාපෘති 54 ක් පසුගිය වසරේදී සංවර්ධනය කර මහජන පරිහරණය සදහා භාර දී ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 600 ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර තිබේ. කොළඹ අවට පවතින ඇළ මාර්ග, වැව් සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම, තෙත්බිම් හා පහත් බිම් සංවර්ධනය කිරීම මේ යටතේ සිදුකෙරේ. කළු ඔය වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේද මේ යටතේයි.
වේරස් ගග වැසි අපවාහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 800 කි. නුගේගොඩ රත්තනපිටිය ඇළ, දෙල්කද ඇළ, බොරලැස්ගමුව උතුර, බොරලැස්ගමුව දකුණ සහ වේරස් ගග යන කලාප 5 මෙම ව්‍යාපෘතිය යටතේ ආවරණය වේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘතිය මගින් කිලෝමීටර 55.5ක දුර ප්‍රමාණයක් ආවරණය වන බවයි. මෙමගින් වැසි ජල රැදවුම් ප්‍රදේශ සංරක්ෂණය කිරීම හරහා පාරිසරික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කළ හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.
මීට අමතරව කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 300 ක් සහ ඔලියමුල්ල වැසි ජල අපවහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 450 ක් මෙවර අයවැය මගින් වෙන් කර තිබේ.
කොලොන්නාව ව්‍යාපෘතිය මගින් කැළණිගඟ හා සම්බන්ධ වන කිත්තම්පහුව ඇළ, සැළලිහිණි මාවත ඇළ, දඩුතොට ඇළ ආශ්‍රිත ප්‍රදේශය ආවරණය වේ. ඔලියමුල්ල ව්‍යාපෘතිය මගින් කැළණිය සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන බවත්, එම ප්‍රදේශවල ගංවතුර අවම කිරීම හරහා ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම බේරේ වැව ව්‍යාපෘතිය සදහා මෙවර අයවැය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලයන 40 කි.   කොළඹ නගරයේ පිහිටා ඇති බේරේ වැව නාගරික හා කාර්මික අපද්‍රව්‍ය සහ අපජලය එක්වීම නිසා පරිහානියට පත්ව තිබේ. එම නිසා තවදුරටත් සිදු විය හැති පරිසර හානිය අවම කිරීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. බේරේ වැවේ ජලයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම පරිසර අලංකරණය සහ ජනතාවගේ සෞඛ්‍ය තත්වය වර්ධනය කිරීම මින් සිදු කෙරෙන බව ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
Post Views: 717
Previous Post

දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති නිදහස ශ්‍රේෂ්ඨාධීකරණය බලරහිත කරයි

Next Post

දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කරවිය හැකි එකම මාර්ගය අධ්‍යාපනයයි -ජනාධිපති ලේකම් සමන්

editor ttvnews

editor ttvnews

Next Post
දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කරවිය හැකි එකම මාර්ගය අධ්‍යාපනයයි -ජනාධිපති ලේකම් සමන්

දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කරවිය හැකි එකම මාර්ගය අධ්‍යාපනයයි -ජනාධිපති ලේකම් සමන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved