27 April 2024
#දේශීය

අප්‍රේල් 25 වනදා ඡන්දයක් නෑ – මැකෝ කියයි

රටේ පවතින තත්වය අනුව අප්‍රේල් මස 25 වෙනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මහමැතිවරණය කිසිදු හේතුවක් මත හෝ පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මාර්තු 26 ට පසු තීරණය කරනු ලබන බවයි.

අදාළ මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් මස 25 වෙනි දිනට පසු වැඩකරන දින14 කින් පසු දිනයක් විය හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසිය.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *