27 April 2024
#දේශීය

මහ මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12 න් අවසන් වේ.

දහවල් 12.00 සිට 1.30 දක්වා කාලය තුළ නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට ඉඩ සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම විරෝධතා සලකා බැලීමෙන් පසු දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරිවරුන් විසින් අදාල දිස්ත්‍රික්කයන් සදහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට නියමිතයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ස්වාධින කණ්ඩායම් සදහා ඇප මුදල් තැන්පත් කිරිම ඊයේ දිනයෙන් අවසන් විය.

ඊයේ (18) දිනය වන විට ස්වාධින කණ්ඩායම් 357ක් දිස්ත්‍රික්ක 22 සදහා ඇප මුදල් තැම්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

 

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *