27 April 2024
#දේශීය

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම තැන ගැන තීරණය ලබන 25 දැනුම් දෙයි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කාර්යාල පරිශ්‍රය වෙනත් සථානයක ස්ථාන ගත කිරිමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 25 වනදා ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය (17) ප්‍රකාශ කළාය.

එම සමාගමේ සභාපති ජෙෆරි ජෝසප් ඇලෝසියස් මහතා වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් නිතිඥ අසිත ජයවර්ධන මහතා අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.

නව කාර්යාල පරිශ්‍රය ස්ථානගත කිරිමට නිශ්චිත ස්ථානය පිළිබඳව ඉදිරි නඩු දින අධිකරණයට දැනුම් දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එම පරිශ්‍රය වෙනත් ස්ථානයකට ගෙන යාම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඉදිරි නඩු දින ඉදිරිපත් කරන බව රහස් පොලිසිය අධිකරණයට කියා සිටි අතර විරෝධතා ඉදිරිපත් කිරිමේ අවශ්‍යතාවයක් නැති බවත් කරුණු තිබේ නම් එදිනට ඉදිරිපත් කරන ලෙසත් රහස් පොලිසියට මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

දැනට කාර්යාල පරිශ්‍රය පිහිටා ඇති ස්ථානයේ කුලි බැදුම්කරය මේ මස 31 වනදායින් අවසන් වන බවත් එම ස්ථානය සඳහා මසකට රුපියල් ලක්ස 23ක මුදලක් ගෙවන බවත් අධිකරණයට දැනුම් දුන් නිතිඥ ජයවර්ධන මහතා රදවා ඇති තමන්ට අයත් රුපියල් බිලියනයක මුදල ඉල්ලා සිටි‍යේ මේ කුලි මුදල් ගෙවීමට බවත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *