27 April 2024
#දේශීය

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව තව ඉදිරියට යනවාද නැද්ද?

රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ රීට් පෙත්සම ලබන මස දෙවනදා විභාගයට ගැනීමට මහාධිකරණය අද (17) දින නියම කර තිබේ.

ඒ අනුව මහාධිකරණය විසින් දන්වා සිටියේ එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබද පෙත්සම්කරුගේ ස්ථාවරත්වය මීළග දින අධිකරණයට දැනුම් දීමට නියමිත බවයි.

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මෙම මුදල් අවභාවිත කළ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ. ගෝඨාභය රාපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව මේ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ මේ වනවිට නඩු පවරා තිබේ. මැදමුලන ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය කරුණු වාර්තාකර කර තිබූ අතර ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරුණා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *