27 April 2024
#දේශීය

කට්ටිය තරගෙට බොරු කියනවා… අපි රට ගොඩනගන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා -ජවිපෙ

ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස දෙන්නා තරගයට එකිනෙකා පරාදකරමින් ලබාදෙන පොරොන්දු ගැන පත්තරවල කාටුන් ශිල්පීන් උපහාසයට ලක්කර තිබෙන බවත් අප රට හදන රට ගොඩනගන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (25) දින මාධ්‍ය හමුවක් කැඳවමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ රට හදන රට ගොඩනඟන මේ ප්‍රතිපත්ති මත ඉදිරි සැලසුම් සකස්කර ක්‍රියාත්මක කරන ජාතික ජන බලවේගයට පාලන බලය ලබාදෙන්න ජනතාව විශ්වාසයෙන් සහ ධෛර්යයෙන් පෙරට එමින් සිටින බවයි.

ඒ සම්බන්දයෙන් හේරත් මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අද සැබෑ අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතුවෙලා නැහැ. ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් පවුල් පාලනයට විරුද්ධයි. ඒ වගේම ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් ජාතික පක්ෂයටත් විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ආවේ මිස්ටර් ක්ලීන් කියලා. මාසයක් යන්න පෙර මහ බැංකුව බිඳලා, එයාගේ ක්ලීන් බව රටට පෙන්නුවා. දැන් සජිත් වටේ එකතුවෙලා ඉන්නෙත් ඒ කණ්ඩායම ම තමයි. පිරිසිදු පාලනයක් බිහිකරන බව කියන්නේ පක්ෂය පවා පාවාදී පැනගිය තිස්ස අත්තනායක වගේ අය ළංකරගෙනයි. මේ අයට කවදාවත් රට ගැනවත් ජනතාව ගැනවත් හැඟීමක් නැහැ. ඒ නිසා අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මේ වෙනකොට ජාතික ජන බලවේගය වටා එකතුවෙමින් සිටිනවා යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *