27 April 2024
#දේශීය

නිල ජන්ද පත්‍රිකා බෙදීම 29න් අවසන්

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට (29) අවසන් කිරීමට බලාපොරොත්තු වෙන  බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තැපැල්පති රංජිත් ආරියරත්න පවසා සිටියේ  හෙට (29) දිනය වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 95%ක් මේ වන විට බෙදා අවසන් බවය.

හෙට දිනයෙන් පසුව ද, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් සිටිනම් ඔවුන්ට තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමේ හැකියාව පවතින බවත් තැපැල්පති  පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *