27 April 2024
#දේශීය

කොරෝනා කේන්ද්‍රය ඉන්දියාවට ?

කොරෝනා ආසාදිතයන් ඊයේ (27) දිනය තුළ වැඩිම වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මේ වන විට කොරෝනා වෛරස් කේන්ද්‍රය බවට එරට පත්වීමේ අවධානමක් මතුව ඇත.

ඉන්දියාවේ ඊයේ දිනයේ 636 දෙනෙක් මියගොස් ඇති අතර ඊයේ වාර්තා වී ඇති  නව රෝගීන් ප්‍රමාණය 46,000ක් ඉක්මවා වාර්තා විය.

එය දෙවැනි වන්නේ ඊයේ දිනයේ වැඩිම රෝගීන් ප්‍රමාණය ලෙස ඇමරිකාවෙන් වාර්තා වූ 61000ට පමණි.

ඊයේ දිනය තුළ නව රෝගීන් දෙලක්ෂ දාහත් දහසක් ඉක්මවා වාර්තා වී ඇති අතර මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන දාසයක් වාර්තා වී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *