27 April 2024
#දේශීය

මරණ දඩුවම් 29 වනදා..ද?

සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගයට තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුව අමතමින් පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණේ 1976 ජුනි 23 වනදාය.

පසුගිය වසර කිහිපය තුලම ඇතැම් අපරාධ සම්බන්ධ වැරදිකරුවන් මරණ දඩුවම නියම වුවත් එය ක්‍රියාත්මක නොවීම පිළිබඳ ඇතැම් අය විවිධ මත පල කර සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධ තීරණය ගෙන ඇති අතර ඔහුගේ සමීපතම ආරංචි මාර්ග කියා සිටියේ එම දිනය බොහෝ විට ලබන 29 වනදා වනු ඇති බවයි. ජනාධීපතිවරයා අද දිනයේදී කියා සිටියේ මරණ දඩුවමට දින නියම කර ඇති නමුත් එය ඉදිරියේදී කියා සිටිනු ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *