27 April 2024
#දේශීය

ජනපති සටනට කරු …! අගමැති රනිල්මයි…!

ඉදිරි ජනාධීපතිවරණය සටනට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කරු ජයසුරිය ඉදිරිපත්වීමට සියළු කටයුතු සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචී මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අයෙකු පැවසුවේ පසුගිය කාලයේදී කථානායකවරයා විසින් සිදු කළ භුමිකාව අනුව පක්ෂයේ පිරිස් එකමතයකට ගෙන ඒමට කටයුතු කල අයෙකු බවයි.

එසේම මේ අවස්ථාවේදී ඔහුට ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත් කිරීම තුළින් පක්ෂයේ සියළු දෙනාම එක්ව මැතිවරණ ජයග්‍රහණය කළ හැකි වාතාවරණයක් උදාවනු ඇති බව එජාපයේ ඉතා විශ්වාස කටයුතු පුද්ගලයෙකු පවසා සිටියේය.

එසේම ඉදිරි ජනාධිපතිවරණයට කරු ජයසුරියගේ නම මේ වන විට යෝජනා වී ඇති අතර ඔහුව නියත වශයෙන්ම ඉදිරිපත් කිරීමට සියළු දෙනාම කැමැත්ත පල කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ජනපති කරු අගමැති රනිල් නමින් ප්‍රචාරණ කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට සියළු කටයුතු සැලසුම් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා කියා සිටියේය.

එජාපයේ බිම් මට්ටමේ පිරිස් කරු ජයසුරියගේ දැක්ම සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක ඇති බවත් ඔහු වටා සිටින පිරිස් ද මේ වන විට කථානායකවරයා වශයෙන් ඔහු ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් ඉතා හොඳ මට්ටමක පවත්වා ගෙන යාම මීට හේතුව බව එම පක්ෂයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *