27 April 2024
#දේශීය

නව අගවිනිසුරු සහ විගණකාධිපති ගැන තීරණයට ලබන 30 වනදා

නව අගවිනිසුරුවරයාගේ සහ විගණකාධිපතිවරයා පත් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 30 වනදා රැස්වීමට නියමිතයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන පුද්ගලයින් පිළිබඳ අවසන් තීරණවලට එළැඹිමට නියමිතයි.

වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහගේ සහ අගවිනිසුරු නලින් පෙරේරාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ මෙම මාසයෙදීමය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගවිනිසුරුවරයා, විගණකාධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් රැසක් පත් කිරීමේ බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *