27 April 2024
#දේශීය

නාවික හමුදාවේ 30 කට කොවිඩ් !

නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළුන් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම වාර්තා වලින් තහවුරු වී තිබේ.  

මේ බව  යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා  තහවුරු කළේය.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 368 ක් වී තිබේ.

ඊයේ (22) රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් තිබූ අතර අද රාත්‍රී 9.00 වන විටත් ඊට එකතු වූයේ 8 දෙනෙක් පමණි. එහෙත් අද රාත්‍රී 9.20 ට පමණ එකවරම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 30 කින් ඉහළ ගියේය.

මෙසේ හමුවී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා, පසුගිය 17 වැනිදා පොලොන්නරුවේ සුභූති පුර පිහිටි තම නිවසට ගිය නාවික සෙබළා ඇසුරු කළ පිරිස අතුරින් 30 දෙනෙකි. මෙම තත්ත්වය මත වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම හුදෙකළා කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ  නිල වාර්තා අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 368 කි.

මේ වනවිට 107දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.  පුද්ගලයන් 7දෙනෙකු මිය ගොසිනි.

තවත් 173 දෙනෙක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙති.
.

Leave a comment

Your email address will not be published. Required fields are marked *