27 April 2024
#දේශීය

පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ජනාධිපති කැමති නෑ – ඇමති බන්දුල

පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (23) එක්වෙමිනි.

පසුගිය පාර්ලිමේන්තුව පැවති සමයේ රටට විශාල විනාශයක් සිදු වු බවත් නීත්‍යානුකූලව විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය හැකි වන්නේ ජනාධිපතිවරයාගේ කැමැත්ත මත පමණක් බවත් ඒ මහතා පැවසීය.

ඒ සඳහා ජනාධිපතිවරයාට කිසිදු කැමැත්තක් නැති බවත් ඊට බලපෑම් කිරීමටද කිසිවෙකුට නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

මනෝ ගනේෂන් නඩු මගට ?

මේ අතර පැවති පැවති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට තමන් ඇතුළු පිරිසක් පැමිණිලි කරන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් උපුටා දක්වමින් පුවත් පළවෙයි.

ඊට අනුව ජූනි මස 20 වෙනි දා මහමැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කිරීමත් සමඟ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් ඇති වී තිබෙන නිසා එය විසඳා ගැනීමට මෙම පියවර ගන්නා බවද ඔහු එහිදී පවසා ඇති අතර පැවති පාර්ලිමේන්තුව කිසිසේත්ම නැවත කැඳවන්නේ නැති බව ජනාධිපතිවරයා පවසන බවත්, අධිකරණ නියෝගයකින් පිට ඒකපාර්ශ්වීය තමන් පාර්ලිමේන්තුව රැස් නොකරන බව හිටපු කතානායක වරයාද පවසන නිසා එවන් පසුබිමකදී හැකි එකම ක්‍රියාමාර්ගය අධිකරණය වෙත යාම පමණක් බව ඔහු සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *