• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සහන ගන්න ජනවාරි 31ට පෙර තම බැංකු ශාඛාව වෙත දැනුම් දෙන්න – රජය කියයි

21 January 2020
in ව්‍යාපාර

පසුගිය වසර කිහිපයෙහි පවත්වාගෙන යනු ලැබූ සංකීර්ණ බදු ප්‍රතිපත්තිය හා බැංකු නීති රීති හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය නංවාලීමට විශේෂ යෝජනා මාලාවක් ක්‍රියාවට නංවා ඇති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය කියා සිටියේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාවට නංවමින් හඳුන්වා දී ඇති මෙම ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ජනවාරි 31 දිනට ප්‍රථම තමන් ණය ලබා ගත් බැංකු ශාඛා වෙත දැනුම් දෙන මෙන් රුපියල් මිලියන 300ට අඩු ණය ලබා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් වෙත රජය අවධාරණය කරන බවයි.

එම උපදෙස් අනුව දැනට අක්‍රිය මට්ටමේ පවතින ණය වෙනුවෙන් බැංකු විසින් නීතිමය පියවර ගැනීම වහාම අත්හිටුවා ඇති අතර ඔවුන් වෙත පනවා තිබූ දඩ පොලිය ද අහෝසි කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ණය සහන පැකේජය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු වාණිජ බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම ණය සහන පැකේජයට ඇතුළත් වීම සඳහා රුපියල් මිලියන 300 දක්වා ණය ලබා ගෙන ඇති සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සුදුසුකම් ලබති. රජය විසින් දැනුම් දී ඇති පරිදි අදාළ ණය ලබා ගත් ව්‍යවසායකයන් 2020 ජනවාරි 31 දිනට පෙර මෙම සහන පැකේජයට හිමිකම් ලබා ගැනීම සඳහා තමන් ණය මුදල ලබා ගත් අදාළ බැංකු ශාඛාව වෙත ලිඛිතව දැනුම් දීම අනිවාර්ය වේ.

ඒ අනුව දැනට අක්‍රීයව පවතින ණය වෙනුවෙන්, අදාළ ව්‍යවසායකයා විසින් මූලික ණය මුදලින් 50%ක් ගෙවා ඇත්නම් හිඟහිටි පොලිය සඳහා 50%ක පොලී සහනයක් ලබා දෙනු ලබන අතර ණය ආපසු ගෙවීමට ඇති වර්තමාන කාලය දෙගුණ කිරීම ද මෙම සහන පැකේජය යටතේ සිදු කෙරේ. එසේ ම එම ව්‍යවසායකයන්ට තව ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා මාස තුනක කාරක ප්‍රාග්ධනයක් (Working Capital) ලබා දේ. එම මුදල වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ණය සුරැකුම් ආවරණයක් අදාළ බැංකුව වෙත ලබා දේ.

එසේම දැනට ණය ගෙවීම සක්‍රියව පවත්වාගෙන යනු ලබන රුපියල් මිලියන 300 දක්වා ණය ලබාගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන්හට තම ණය ආපසු ගෙවීම සඳහා වසරක අතිරේක සහන කාලයක් ලබා දේ.

එවැනි ව්‍යවසායකයන්හට තම ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වුවහොත් තවත් රුපියල් මිලියන 300ක් දක්වා අමතර ණය මුදලක් ලබා ගත හැකි බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

දිලිනි සමන්මලි

Post Views: 9
Previous Post

අන්තෝනියෝ ග්‍රාමිස්චි – ජිවිතය මරණය සහ සමාජ පරිවර්තනය සඳහා පෙන්වු මාවත

Next Post

හඩ පට නිසා අසාම් අමීන් සේවයෙන් ඉවතට !

editor

editor

Next Post

හඩ පට නිසා අසාම් අමීන් සේවයෙන් ඉවතට !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved