රාජ්‍ය ව්‍යවසාය අංශය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව, අක්‍රීයව පැවති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් 2025 වර්ෂය තුළ ඈවර කිරීමට පියවර ගෙන තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2025 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව මගින් මේ බව තහවුරු කර ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙම පියවර ගෙන ඇත්තේ, වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවසායයන් වසා දැමීම, ප්‍රතිව්‍යූහගත කිරීම හෝ ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙසය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සියලුම රාජ්‍ය වාණිජ ව්‍යවසායයන් යහපාලනය, වගවීම සහ විනිවිදභාවය පිළිබඳ ඉහළම ප්‍රමිතීන්ට අනුගත වෙමින්, වාණිජ මූලධර්මයන්ට අනුකූලව ඵලදායීව කළමනාකරණය කිරීම සහතික කිරීමයි.
මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා ‘රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ පනත් කෙටුම්පත’ සකස් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 2025 වසරේ වාර්තාගත දත්තවලට අනුව, මෙලෙස ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ලක් වූ රාජ්‍ය ව්‍යවසායයන් 50ක් රුපියල් බිලියන 483ක සමස්ත ලාභයක් වාර්තා කිරීමට ද සමත් වී ඇති බව අමාත්‍යාංශ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.














