• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුවේට්හි වැටුප් නොමැතිව රැදි සිටි ශ්‍රමිකයින් 35ක් දිවයිනට

25 June 2019
in දේශීය

කුවේට්හි රියදුරු රැකියා සදහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්‍රතිලාභ හිමි නොවූ ශ්‍රමිකයින් 35ක පිරිසක් අද (25) පෙරවරු UL 230 දරන ගුවන් යානයෙන් දිවයිනට ගෙන්වා ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය කියා සිටියේ මෙම ශ්‍රමිකයින් කුවේට්හි රියදුරු සේවය සදහා ගිය පසු, තමන් මෙරටදී ගිවිසගත් සේවා ගිවිසුමේ පරිදි නිසි වැටුප් හා පොරොන්දු වූ පරිදි සේවා වරප්‍රසාද නොලැබෙන බව සදහන් කරමින් තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර ඇති බවයි.

මේ පිළිබදව විදේශ රැකියා අමාත්‍යවරයාටද තොරතුරු වාර්තා වී තිබූ අතර, ඔහු විසින් මෙම ශ්‍රමිකයින් පිළිබදව පෞද්ගලිකව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සදහා තානාපති කාර්යාල නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස 2019.05.18 දින ශ්‍රමිකයින් සිව් දෙනෙකු දිවයිනට පැමිණි අතර, දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අනෙක් පිරිස අද දින දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටියේය.

මෙම ශ්‍රමිකයින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නිසි පරිදි විදේශ ගතවීම හේතුවෙන් ඔවුන් පිළිබදව සොයා බැලීම සදහා තානාපති කාර්යාලයට හැකිවු බවත් ඒ අනුව රැකියා සදහා විදේශ ගතවන සියළුම ශ්‍රමිකයින් සිය ආරක්ෂාව වෙනුවෙන් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ ගතවන මෙන් කාර්යාංශය ඉල්ලා සිටි.

Post Views: 34
Previous Post

මෛත්‍රිට වරදින බව මම දැනගෙන හිටියා – ශිරාල් ලක්තිලක

Next Post

රිෂාඩ් සහ හමුදාපති අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

editor

editor

Next Post

රිෂාඩ් සහ හමුදාපති අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved