27 April 2024
#දේශීය

අපේක්ෂයින් 35 ක් නාම යෝජනා භාර දෙයි

2019 නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 35 දෙනෙකු නාම යෝජනා භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (07) කොමිෂන් සභාවේ නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ අවස්ථාවෙන් පසුව අපේක්ෂකයින්ට මැතිවරණ අදාළ කරුණු පැහැදිලි කිරීමේදිය. එහිදී සභාපතිවරයා පැහැදිලි කර සිටියේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකු රාජකාරි කාලය තුළදි දේශපාලනික කටයුතුවල නිරත නොවිය යුතු බවයි.

එසේම අපේක්ෂකයින් හට ආචාර ධර්ම හඳුන්වා දී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර ඇති බව හෙතෙම පැවසිය.

මෙවර මැතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකු මාධ්‍ය උපමාන භාවිතා කළ යුතුයි. පෞද්ගලික මාධ්‍ය ආයතනවලින් අපේක්ෂකයින් අසත්‍ය ප්‍රචාරණය කිරීමෙන් හා අගතියට පත් කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේසභාපතිවරයා අවධාරණය කළේය.

කිසිදු අවස්ථාවක එකම අපේක්ෂයෙකු වෙනුවෙන් ගුවන් කාලය වැය නොකල යුතු බවත් යම් හෙයින් අගතියට පත් කලහෛාත් එම නාලිකාවල විකාශන අයිතිය අහිමි කිරිමට හැකියාව ඇති බව හෙතෙම අනාවරණ කළේය.

සමාජ මාධ්‍ය හැසිරවීමේදී වෛරි සහගත සහ අසත්‍ය දේ ප්‍රචාරණය නොකරන ලෙස සියළුම පුරවැසියන්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටි.

නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීම කාලය අවසන් වු බවත් දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *