27 April 2024
#දේශීය

2022 මහ කන්නයේ වගා කටයුතු සඳහා ඉන්ධන බවුසර් 3559ක් – කෘෂිකර්ම අමාත්‍යංශය

මහ කන්නයේ වගා කටයුතු සඳහා ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතී සාකච්ඡාවක දී හෙළිදරව් වූ කරුණු අතර මේ වනවිට පසුගිය සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් මස දෙවන සතිය දක්වා කාලය තුළ ගොවීන් වෙත ලීටර් 6600 බවුසර් 3559කින් අවශ්‍ය ඉන්ධන තොග සපයා ඇති බවයි.

2022/23 මහ කන්නයේ දී වී වගාව සාර්ථක කර ගැනීම සඳහා හිඟයකින් හා අපහසුතාවයකින් තොරව ගොවි ජනතාවට වගාව කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් හා භූමිතෙල් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුන් උපදෙස් පරිදි මේ වනවිට ඉන්ධන බෙදාහැරීම් කටයුතු ඉතාමත් සාර්ථක වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *