• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තිරිඟු පිටි සඳහා තිබු බද්ද අඩු කෙරේ

16 December 2019
in ව්‍යාපාර

ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රු. 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී තිබෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් දෙසැම්බර් මස 14 වන දින සිට මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිභෝජනය සඳහා වන තිරිඟු පිටි අවශ්‍යතාවයට තිරිඟු ඇට ආනයනය කර දේශීය වශයෙන් පිටි බවට පත්කිරීම මෙතෙක් සිදු විය. පිටි කිලෝග්‍රෑමයක් සඳහා රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම හේතුවෙන් පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

වෙළෙඳපොලේ ඉහළ ගිය සහල් මිල පාලනය කිරීම සඳහා සම්බා සහ නාඩු සහල් කිලෝග්‍රෑමයකට රු. 98 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද අතර, තිරිඟු පිටි ආනයනය කිරීමට අවස්ථාව සලසමින් තිරිඟු පිටි සඳහා පැවැති බදු අඩුකිරීමට ද තීරණය කරන ලදී.

ඒ අනුව, පිටි කිලෝග්‍රෑමයකට රු. 36 ක් පමණ වූ ඒකාබද්ධ තීරුබදු ප්‍රමාණය ඉවත් කර ඒ වෙනුවට රු. 8 ක වෙළෙඳ භාණ්ඩ බද්ද නියම කර ඇත.

 

දිලිනි සමන්මලි 

Post Views: 63
Previous Post

කුණු කූඩයට දානවා කියු එම්සීසී ගිවිසුම දැන් හොඳ වුනේ කොහොමද? ජවිපෙ ප්‍රශ්ණ කරයි

Next Post

මහනුවර දුම්රිය, බස්, පෞද්ගලික වාහන නැවතුම් සියල්ල එක තැනකට

editor

editor

Next Post

මහනුවර දුම්රිය, බස්, පෞද්ගලික වාහන නැවතුම් සියල්ල එක තැනකට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved