27 April 2024
#දේශීය

මුව මස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

දිඹුලාගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ඊයේ (05) සිදු කල වැටලිමකදී මුව මස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකා අරලගංවිල කඳවුරේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුව මස් කිලෝ 08 ග්‍රෑම් 900 ක් සැකකරු සතුව තිබි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වු දිඹුලාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *