27 April 2024
#දේශීය

මහ ජන්දයේ පළමු ප්‍රතිඵලය පස්වරු 4 ට එයි

 එළැඹෙන  මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු මස 6 වනදා උදෑසන 08.00ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඒ අනුව ඔහු පවසන්නේ  පළමු ඡන්ද ප්‍රතිඵලය පස්වරු 04.00ට පමණ ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවය.

සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර අද (30) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

 එසේම  මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් ද  අද දහවල් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේ දී ඡන්දය භාවිත කරන කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

 කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් ඡන්දය භාවිත කිරීමේ කාලසීමාව පස්වරු 05.00 දක්වා පැයකින් දීර්ඝ කරන ලෙස මේ වන විට යෝජනා ඉදිරිපත් වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *