27 April 2024
#දේශීය

අගරදගුරු විවේචනයේ වෙනසක් නෑ – හරීන් යළිත් කට අරියි

අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් තමන් තවමත් සිටින්නේ මුල් ස්ථාවරය ම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පවසයි.

කෙසේ වුවත්  අගරදගුරුතුමන් සම්බන්ධයෙන් තමන් මින් ඉදිරියට ප්‍රකාශ නොකරන බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අගරදගුරුතුමන් හමුවීම සම්බන්ධයෙන් මාධ්‍ය  කළ විමසීමකදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ අදහස් දක්වා ඇත.

අගරදගුරුතුමන් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට වාසිදායක වන ලෙස දේශපාලනයේ යෙදුනු බවත් එය ඉතා හිරිකිත බවත් හරින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා  විසින් කළ ප්‍රකාශයකට විවිධ පාර්ශවයන්ගේ දැඩි විවෙචන එල්ල විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *