• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුදු 4ක් බෙර ගැහුවේ නෑ – අගමැති රනිල් කියයි

18 January 2019
in දේශීය

අවුරුදු 4 ක් බෙර නොගැසු බවත් කැගැසුවේ නැති බවත් තම පිරිස ඉවසීමෙන් කටයුතු කළ බවත් අධ්‍යාපනය ක්‍රමය අලුත් මඟකට ගෙන යාමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ “අපි ක්‍රියා කරන්නේ අවුරුදු 13 ක් අධ්‍යාපනය අනිවාර්ය කරන්නයි. අළුත් මඟකට යන්නයි. අධ්‍යාපන ක්‍රමයත් සෞඛ්‍ය ක්‍රමයත් ආර්ථික සංවර්ධනයත් එකට එකතු කරගන්න ඕනේ. මොකද්ද සමාජවාදය කියන්නේ. සමාජවාදය මගින් තමන්ට තමන්ගෙ ස්වශක්තියෙන් නැගලා එන්න අවස්ථාව තියෙන්න ඕන. එසේ නම් නිරෝගිභාවයයි අධ්‍යාපනයයි තියෙනවා නම් ඔය සටනෙන් 60% ක් 70% ක් ඉවරයි. අපි සෑම කෙනාම එක සමානව සලකනවා නම් ආගම ජාතිය බලන්නේ නැත්නම් එවිට තවත් කොටසක් ඉවරයි.

අපේ මේ වියදම් කරලා තියෙන ප්‍රමණය වෙනත් කිසිම ආණ්ඩුවක් වියදම් කරලා නැහැ. අනික් අය කතා කරනවා. කප්පාදුව කියනවා. මේකද කප්පාදුව කියන්නේ. මේක කොහොමද කළේ? හුඟක් අය හිතුවා මේක කරන්න බැහැ කියලා. අපිට විශාල ණයක් ගෙවන්න තිබුණා. අපි ගෙවන ණය මීට වඩා වැඩියි. ඒ ණය ගෙවුවායින් පසුව මොනවද කරන්න පුළුවන් කියලා ඇහුවා. ඔන්න මේ ණයත් ගෙවලා අපිට පුළුවන් වෙලා තියෙනවා අධ්‍යාපනයයි සෞඛ්‍යයි දියුණු කරන්න.

ගම්පෙරලිය වාගේ වැඩසටහන් ආරම්භ කළා. ඒ නිසා අපිට දැන් තියෙන්නේ මේක ඉදිරියට ගෙනියන්න. අවුරුදු 4 ක් බෙර ගැහුවේ නැහැ. කෑගැසුවේ නැහැ. ඒත් ඉවසීමෙන් වැඩේ කළා. ණය පාලනය කරලා අධ්‍යාපන මුදල් ලබලා දුන්නා. ඒකෙන් ඉදිරියට යන්න පුළුවන් වුණා. අද මෙතන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලූ දෙනාම ගිය අවුරුදු කීපයේදී අපි අධ්‍යාපනයට වියදම් කරපු නිසා ඒකෙනුත් වාසි අරගෙන මෙහාට ආව අය. දැන් තමන්ගේ නංගිලා මල්ලිලාට ඒ වාසිය ලැබෙනවා. ඉදිරියට යන්න තියෙනවා. අන්න ඒ වැඩ කටයුත්ත අපට කරන්න තියෙනවා. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. ඒත් මෙතනදී මේ සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන්න උදව් කරපු සියලූ දෙනාටම ස්තඣති කරමින් මේ පීඨයටත් ආචාර්යවරුන්ටත් මෙතැන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් විශේෂයෙන්ම සුබ ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මා අවසන් කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 10
Previous Post

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඇමැතිනි තලතාට ලිපියක්

Next Post

අනුරාධපුර ඉපලෝගමදී ප්‍රථම දිසිදි පොල් කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

editor

editor

Next Post

අනුරාධපුර ඉපලෝගමදී ප්‍රථම දිසිදි පොල් කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved