27 April 2024
#දේශීය

සර්ව පාක්ෂික සමුළුව කැඳවීමට ජනපතිගේ එකඟත්වය

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ඊයේ (08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති කාර්යාලයේදී මෙම එකඟතාවය පල කර ඇත.

එම සර්ව පාක්ෂික සමුළුව මෙම මස අවසාන සතියෙදී පැවැත්වීමට එහිදී සාකච්ඡා වී ඇත.

වර්තමානයේ රට මුහුණ පා ඇති අර්බුදයන්ට විසඳුම් ඇතුළත් කරුණු 15කින් සමන්විත යෝජනාවලිය පිළිබඳව ජනාධිපතිවරයා සමග පැවති මෙම හමුවේදී සාකච්ඡා කළ බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසීය.

එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද එක්වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *