ශ්‍රී ලාංකික සිවිල් සේවා නිලධාරීන් 40 දෙනෙකු වෙනුවෙන් ඉන්දියාවේ යහපාලනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ (NCGG) පවත්වන ලද 9 වැනි ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථකව අවසන් වී තිබේ. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ඉල්ලීම පරිදි ‘ආපදා කළමනාකරණය’ යන තේමාව යටතේ සති දෙකක කාලයක් පුරා මෙම පුහුණුව ක්‍රියාත්මක වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
2024 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ සිදු කළ රාජ්‍ය සංචාරයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. වසර පහක කාලයක් තුළ ශ්‍රී ලාංකික සිවිල් නිලධාරීන් 1,500ක් පුහුණු කිරීම මෙහි ඉලක්කය වන අතර, පසුගිය 2025-26 පළමු වසර තුළදී පමණක් නිලධාරීන් 321 දෙනෙකු සිය පුහුණුව නිම කර ඇත.
පුහුණු ක්ෂේත්‍ර සහ ප්‍රායෝගික අත්දැකීම්
සති දෙකක පුහුණුව තුළදී ආපදා සූදානම, ජාතික ආරක්ෂාව, රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ මෙන්ම ඉන්දියාවේ ප්‍රමුඛ ව්‍යාපෘති වන Aadhaar, PM Gati Shakti සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් පිළිබඳව නිලධාරීන් දැනුවත් කර තිබේ. එසේම ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය (NDMA) සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF) වැනි ආයතනවල නිරීක්ෂණ චාරිකාවල නිරත වෙමින් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට ද නිලධාරීන්ට අවස්ථාව හිමි විය.
2025 අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයෙන් පසු, වාර්ෂික පුහුණු අවස්ථා සංඛ්‍යාව 700කින් වැඩි කිරීමට පියවර ගැනිණි. ඒ අනුව මේ වන විට වසරකට ශ්‍රී ලාංකිකයන් 1,000කට ඉන්දියාවේ පුහුණු අවස්ථා හිමි වන අතර මෙය දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ශක්තිමත් පියවරක් ලෙස සැලකේ.














