බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. 2026.05.12 වන දින උදෑසන රාගම පොලිස් වසමට අයත් බටුවත්ත ප්‍රදේශයේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 150ක් සහ හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 200ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු රාගම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.














