ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ ලිඛිත භාෂා පරිවර්තන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ස්ථාපිත කළ නව භාෂා පරිවර්තන ඒකකය පසුගියදා නිල වශයෙන් විවෘත කර තිබේ.
, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කර ඇත.
මෙහිදී අදහස් දක්වමින් මහ ලේකම්වරිය පවසා ඇත්තේ ආයතනයක දියුණුව සඳහා නිවැරදි නායකත්වය මෙන්ම සාමූහික එකමුතුකම ද වැදගත් වන බවයි. පාර්ලිමේන්තුවේ වටිනාම සම්පත එහි කාර්ය මණ්ඩලය බව ද ඇය අවධාරණය කර තිබේ.
ව්යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජයලත් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ කථා පරිවර්තන සේවාවට අමතරව ලිඛිත පරිවර්තන කටයුතු රැසක් ද පාර්ලිමේන්තු කථා පරිවර්තක කාර්යාලය මඟින් සිදු කරන බවයි. එමෙන්ම, පරිවර්තන ප්රමාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කිසිදු කාර්යාලයකින් පැමිණිල්ලක් ලැබී නොමැති බව ද ඔහු පවසා ඇත.
ප්රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක සී. ජේ. කරුණාරත්න මහතා විසින් ඉදිරිපත් කළ සංකල්පයක් අනුව මෙම ඒකකය ස්ථාපිත කර තිබේ. එමඟින් පරිවර්තකයන් සඳහා වඩාත් යහපත් වෘත්තීය පරිසරයක් ඇති කිරීම සහ පරිවර්තන කටයුතුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවේදී පරිවර්තකයන්ගේ තේමා ගීතය සහ කථා පරිවර්තකයන් සඳහා වූ වෘත්තීය ආචාරධර්ම සංග්රහය ද මහ ලේකම්වරියට සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතාට පිළිගන්වා තිබේ. පාර්ලිමේන්තු සේවයට අලුතින් එක්වූ කථා පරිවර්තකයන් සහ භාෂා පරිවර්තකයන් සඳහා පැවැත්වූ පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කිරීම වෙනුවෙන් සහතිකපත් ප්රදානය කිරීම ද සිදු කර ඇත.
මීට සමගාමීව සැප්තැම්බර් 30 වැනිදාට යෙදුණු 2026 ජාත්යන්තර භාෂා පරිවර්තන දිනය සැමරීම ද සිදු කර තිබේ. එහි තේමාව ලෙස “Linguistic Diversity and Language Rights” යන්නත්, උප තේමාව ලෙස “The Power of Being Understood” යන්නත් යොදාගෙන ඇත.
















