පවතින ප්‍රබල එල්-නිනෝ (El Niño) දේශගුණික තත්ත්වය අතිප්‍රබල මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බවත්, ඒ හේතුවෙන් මතුවිය හැකි වියළි කාලගුණික හා නියං තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රජය විසින් පුළුල් පූර්ව සූදානම් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. නියඟයෙන් බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවලට සහන සැලසීම සහ ජල සම්පාදනය ඉක්මන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, අම්පාර, මොණරාගල, මඩකලපුව, රත්නපුර, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පානීය සහ වාරි ජල ගැටලු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ජලය බවුසර් මඟින් සහ වෙනත් විකල්ප ක්‍රම හරහා බෙදා හැරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව, එල්-නිනෝ බලපෑම් අධීක්ෂණය කිරීම සහ අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද පත් කරනු ලැබ තිබේ.














