27 April 2024
#සංවර්ධන

පාහියන් ලෙනේ වසර 45,000 කට පෙර සිටින මානවයින්ගේ ආයුධ ගැන සොයා ගැනීමක්

වසර 45,000 කට පෙර සිටි පාහියන් ලෙනේ වෙසූ මානවයින් විසින් අත හැර දමා ඇති ආයුධ සම්බන්ධව, ඉපැරණි මානව සංක්‍රමණය පිළිබඳ ඉතිහාසය පුරා විද්‍යාඥයන්ට එය නැවත ලිවීමට හැකි වී තිබේ.

ආචාර්ය ශිරාන් දැරණියගල ඇතුළු අන්තර්ජාතික විශේෂඥයින් කණ්ඩායමක් මේ වන විට සොයාගෙන ඇති, ලංකාවේ පැරණිතම පුරාවිද්‍යා භූමිය වන මේ ගල් ලෙන තුළ සොයාගත්, අස්ථි හා ගල් ආයුධ භාවිතයෙන් කල පර්යේෂණ පිලිබඳ, මේ සතියේ ප්‍රකාශ වූ “Nature Communications” විද්‍යාත්මක සඟරාවේ සඳහන් කර තිබේ.

පර්යේෂකයන් පවසන පරිදි, මේ ආයුධ මඟින් පෙනී යන්නේ, කලාපයේ වැසි වනාන්තරවල මනුෂ්‍යයින් පදිංචි වී, වඳුරන සහ සහ අන් ගස් උඩ වාසය කරන ක්ෂීරපායීන් දඩයම් කල බවයි.

මෙම පර්යේෂකයන් විසින්, කලාපය තුළ දිගු කලක් ජීවත් වූ මානව ජනාවාසවල සාක්ෂිද, එම මානවන් විසින් දඩයම් කල වඳුරන්ගේ ඇටකටු විශාල සංඛ්‍යාවක් ද සොයාගෙන ඇත. එම මානවයින් විසින්, වඳුරන්ගේ ඇටකටු හා රදනක දත් වලින් විදින හා කැපීම සඳහා දිදුලන යුධ නිපදවා ඇති බෑවු පෙනී යයි.

මෙතෙක් පුරා විද්‍යාඥයන් බොහෝ දෙනෙක් විශ්වාස කලේ, ආදි කාලීන මානවයන්, බොහෝ පසු වන තුරු වැසි වනාන්තර ප්‍රතික්ෂේප කොට, ඒවා වටේ සංක්‍රමණය කල බවයි. වැසි වනාන්තර තුල, සම්පත් ලබා ගැනීමටද, ගස්වල සිටින සතුන් දඩයම් කිරීමටද, පැරණි මානවයින්ට අපහසු වුවයි විද්‍යාඥයින් විශ්වාසය කලහ. එම මානවයින්, පහසුවෙන් දඩයම් කල හැකි විශාල සතුන් ඇති තෘණ භූමි වල හෝ, මිශ්ර වනාන්තර හා තෘණ පරිසරයන් වල හෝ, පහසුවෙන් අල්ලා ගත හැකි මුහුදු ආහාර ඇති වෙරළබඩ ප්‍රදේශ වල හෝ, පදිංචි වී, එවන් පරිසරයන් ඔස්සේ සංක්‍රමණය වූ බව පුරාවිද්‍යාඥයින් අදහස් කළේය.

පාහියන් ලෙනේ සොයාගෙන ඇති පුරාවස්තු නිසා, දකුණු හා ගිනිකොන-දිග ආසියාව මඟින්, ඕස්ට්රේලියාවටද, ඇමෙරිකාවට මනුෂ්‍යයින් ව්‍යාප්ත වූ ආකාරය ගැන නැවත කල්පනා කල යුතු බැව් පැහැදිලි වී ඇත.

උපුටා ගැනීම : https://www.nature.com/articles/s41467-019-08623-1

 

විනෝද් මුණසිංහ 

Leave a comment

Your email address will not be published. Required fields are marked *