27 April 2024
#දේශීය

පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 05 (Update)

විසුරුවා හරින ලද පාර්ලිමේතුවේ නව මන්ත්‍රීවරුන් සඳහා මැතිවරණය ලබන ජනවාරි 05 වනදා පැවැත්විමට කටයුතු කරන බව වාර්තා වේ. එමෙන්ම මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීම දෙසැම්බර් 19 වනදා දින යොදා ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

පෙර පුවත (පසවරු 10.05)  පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – TTV news හෙළි කළ රහස එළියට 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා අත්සන් කර ඇති අතර එය මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලබා දීමට කටයුතු කර ඇත. TTV news වෙබ් අඩවිය විසින් මීට පෙර දින දෙකකට පෙර අප විසින් මෙම විසුරුවා හැරීම වාර්තා කළේය. 

මේ වන විට රජයේ මුද්‍රණාල ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගෙන තිබෙන්නේ ද මේ හේතුව මත බවයි රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු අප වෙත කියා සිටියේය.
මේ පිළිබඳ සත්‍ය තොරතුරු ඔබ වෙත ඉදිරියටත් ඉදිරිපත් කරන්න TTV news අප කණ්ඩාම සුදානම්.  මේ අතර ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර ඇත්තේ මැතිවරණ වලදී අමාත්‍යංශයවල පහසුකම් ලබා ගැනීමට නොහැකිවන ආකාරයට බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

පෙර පුවත 

පාර්ලිමේන්තුව අද විසුරුවයි…… ?

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *