• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව පෙරමුණ යටතේ ඉදිරි වසර 5 රට ඉදිරියට ගෙන යනවා – අගමැති

26 July 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව සන්ධානයක් ලබන මස 05 වන දා බිහි කරන බවත්,සන්ධානගත වන සියලු දේශපාලන පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් බිහිකරන නව පෙරමුණ මගින් ඉදිරි වසර 5 තුළ දී රට ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අවිස්සාවේල්ල පොදු වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව ජන හමුවට එක්වෙමින්.

“අනාගතයට ගැලපෙන පරිදි අප වෙනස් නොවුණහොත්, අපටත් රටටත් අනාගතයක් නැති වෙනවා. මම දේශපාලනයට පැමිණි කාලයේ ප්‍රධාන පක්‍ෂ දෙකක් තිබුණා. මේ වන විට පක්‍ෂ ගණනාවක් රටේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙනවා. මේ සියලූ දෙනාම එකට එකතුවී රට ඉදිරියට ගෙන යා යුතුයි. සියලූ දෙනා එකතු කරගෙන රට ඉදිරියට ගෙන යෑමේ විප්ලවීය පියවර ගැනීමට අප තීරණය කළා. රටේ අනාගතය වෙනුවෙන් පොදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට නව සන්ධානයක අවශ්‍යතාවය මතු වෙනවා. නව සන්ධානයක් සකස් කරමින් රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පොදු ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි. දේශපාලන පක්‍ෂවල අනන්‍යතාව රැකෙන පරිදි අප විසින් ඇති කරන නව සන්ධානය දේශාපාලන පක්‍ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට අප තීරණය කළා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව සන්ධානය අගෝස්තු මස 05 වනදා බිහි කිරීමට සූදානමින් සිටිනවා.

මෙම සන්ධානය හවුල්කාර පක්‍ෂවලට පමණක් සීමාවන්නේ නැහැ. අලූතින් හිතන රට සංවර්ධනය කිරීමට කැමැති සියලූ දෙනාටම නව සන්ධානයට එකතුවීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. සන්ධානය ලියාපදිංචි කිරීමෙන් නතර නොවී අනාගත පරපුර, අලූතින් ඇතිවූ මධ්‍යම පන්තිය හා ගොවි ජනතාව ඇතුළු සියලූ දෙනාටම ගැලපෙන පරිදි ප්‍රතිපත්ති සකස් කිරීම සිදු කරනවා.
ප්‍රතිපත්ති පදනම් කරගෙන බිහිකරන නව සන්ධානයෙන්, ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වෙනවා. කිසිඳු වැඩපිළිවෙළක් ප්‍රතිපත්තියක් නොමැතිව නව සන්ධානයේ ලකුණට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් අපි ඉල්ලන්නේ නැහැ.

රටේ ජනතාවගේ අදහස් වෙනස්වී තිබෙනවා. ආණ්ඩුවෙන්, දේශපාලනඥයන් ගෙන්, විපක්‍ෂයෙන් අනාගත සැලසුම් පිළිබඳව ජනතාව ප්‍රශ්න කරනවා. අපි සියලූ දෙනාම එකතුවී ගොඩනඟන නව සන්ධානය ඇති කිරීමේ ප්‍රධාන අරමුණ ඉදිරි වසර 05 තුළ මේ රට සංවර්ධනය කර ඉදිරියට ගෙන ඒම බව සඳහන් කරන්න කැමැතියි. රට බේරාගෙන ස්ථාවරයක් ඇති කිරීමට අපට හැකිවුණා. දැන් පොදු ප්‍රතිපත්තියක් තුළින් රට ගොඩනැගීමට අලූත් දේශපාලන සන්ධානයක් බිහිකිරීමට අප පියවර ගන්නවා. සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයත් සමඟ අපිත් ගැලපෙන පරිදි වෙනස් විය යුතුයි. එසේ නොවුණහොත් අපේ රටට හොඳ අනාගතයක් හිමිවන්නේ නැහැ. යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරුණාරත්න යන මහත්වරු ප්‍රමුඛ දේශපාලනඥයින් ද රාජ්‍ය නිලධාරීන් ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

උපාධිධාරීන් 5,000ක් ගුරුවරුන් සේවයට එක්කරගන්නවා – ඇමැති අකිල  

Next Post

නුපන් දරුවන් වෙනුවෙන් මහින්ද යළි සටනට

editor

editor

Next Post

නුපන් දරුවන් වෙනුවෙන් මහින්ද යළි සටනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට වාහන අලෙවිය  15%–20% කින්  පහත වැටීමේ අවදානමක්

මෙරට වාහන අලෙවිය 15%–20% කින් පහත වැටීමේ අවදානමක්

9 April 2026
ඇමරිකා ඉරාන සටන් විරාමයේ  ස්ථාවරත්වය පිළිබඳ සැකසංකා මධ්‍යයේ  ඉන්දියානු රුපියලේ අගය අදත්  අවප්‍රමාණය වීමේ අවදානමක

ඇමරිකා ඉරාන සටන් විරාමයේ ස්ථාවරත්වය පිළිබඳ සැකසංකා මධ්‍යයේ ඉන්දියානු රුපියලේ අගය අදත් අවප්‍රමාණය වීමේ අවදානමක

9 April 2026
ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ ඇරඹෙයි

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ ඇරඹෙයි

9 April 2026
කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ  නව සභාපති ලෙස  කැප්ටන් ජග්මෝහන් පත්වෙයි

කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ නව සභාපති ලෙස කැප්ටන් ජග්මෝහන් පත්වෙයි

9 April 2026

Recent News

Artemis II මෙහෙයුමේ නියැලෙන  ජෙරමි හැන්සන් සමඟ  කැනේඩියානු අගමැති  මාර්ක් කාර්නි සුහද පිළිසඳරක

Artemis II මෙහෙයුමේ නියැලෙන ජෙරමි හැන්සන් සමඟ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි සුහද පිළිසඳරක

9 April 2026
තම ක්‍රෙඩිට් කාඩ්පතින්  ඩොලර් 60,000ක් සොරකම් කළ  පිරිසට එරෙහිව  කාඩි බී  දැඩි තීරණයක

තම ක්‍රෙඩිට් කාඩ්පතින් ඩොලර් 60,000ක් සොරකම් කළ පිරිසට එරෙහිව කාඩි බී දැඩි තීරණයක

9 April 2026
ලෝන්ග් අයිලන්ඩ් මිනීමරුවා  කාන්තාවන් 8 දෙනෙකු  ඝාතනය කළ බවට වරද පිළිගනී

ලෝන්ග් අයිලන්ඩ් මිනීමරුවා කාන්තාවන් 8 දෙනෙකු ඝාතනය කළ බවට වරද පිළිගනී

9 April 2026
මැතිව් පෙරීගේ මරණය සම්බන්ධ කැටමයින් රැජිනට  වසර 15ක සිරදඬුවමක්

මැතිව් පෙරීගේ මරණය සම්බන්ධ කැටමයින් රැජිනට වසර 15ක සිරදඬුවමක්

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝන්ග් අයිලන්ඩ් මිනීමරුවා  කාන්තාවන් 8 දෙනෙකු  ඝාතනය කළ බවට වරද පිළිගනී

ලෝන්ග් අයිලන්ඩ් මිනීමරුවා කාන්තාවන් 8 දෙනෙකු ඝාතනය කළ බවට වරද පිළිගනී

9 April 2026
මැතිව් පෙරීගේ මරණය සම්බන්ධ කැටමයින් රැජිනට  වසර 15ක සිරදඬුවමක්

මැතිව් පෙරීගේ මරණය සම්බන්ධ කැටමයින් රැජිනට වසර 15ක සිරදඬුවමක්

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved