27 April 2024
#දේශීය #පුවත්

ගංවතුරෙන් හානියට පත් කුඩා ඇළවේළි හදන්න රුපියල් මිලියන 500ක් – ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුව

පසුගිය මහ කන්නය තුළ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වු කුඩා ඇළවේලි යලි සකස් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කුඩා ඇළවේලී කඩිනමින් සකස් කර දෙන ලෙස ගොවි ජනතාව විසින් කළ ඉල්ලිම් සැළකිල්ලට ගනිමින් ඒ සඳහා වහා පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව කුඩා හා මධ්‍යම පරිමාණ වාරි ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වෙන් කර ඇති මුදලින් රුපියල් මිලියන 500ක් ගංවතුර හේතුවෙන් හානියට පත් කුඩා ඇළවේළී ප්‍රතිසංස්කරණය සදහා වෙන් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා තිබේ.

මෙම ඇළවේලි ප්‍රතිසංස්කරණ කටයුතු යල කන්නයේ වගා කටයුතු ඇරඹීමට පෙර අවසන් කිරීමට තීරණය කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *