• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රීඩා පුහුණුකරුවන් 502 දෙනෙක්ට පත්වීම් ලබා දෙයි

3 July 2019
in ක්‍රීඩා

ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බඳවාගන්නා ලද්දේ, ජාත්‍යන්තර හෝ ජාතික තලයේ සුවිශේෂ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ලෙස ප්‍රායෝගික අත්දැකීම් ලබා ඇති අය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ක්‍රියාශීලී දරුපරපුරක් පාසල් පද්ධතිය තුළ ගොඩනැඟීමේ ක්‍රියාවලියට දායකත්වය සපයමින් පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් ප්‍රායෝගික ව කටයුතු කළ හැකි ක්‍රීඩා පුහුණුකරුවන් 502 දෙනෙක් සඳහා ඊයේ (02) මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවනාගාරයේ පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගැනීමේ වැඩපිළිවෙළ අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ අතර, පළමු අදියර යටතේ 3386 දෙනෙකුට පත්වීම් ලබාදෙනු ලැබුවා. අද ක්‍රියාත්මක වූයේ, එහි දෙවැනි අදියරයි. ඒ අනුව, එකවර පාසල් පද්ධතියට ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක් මුදාහැරෙනුයේ ඉතිහාසයේ පළමු අවස්ථාවටයි.

විභාග සුදුසුකම් මත සිදුකරන සාම්ප්‍රදායික බඳවාගැනීමේ ක්‍රමවේදයට ඉදිරිගාමී පියවරක් එක් කරමින් ක්‍රීඩාව ප්‍රායෝගික ව හුරුව සිටින අයගෙන් රටේ පාසල් දරුවන්ට ක්‍රීඩා පුහුණුව ලබාදීමට ගත් අභියෝගාත්මක ප්‍රයත්නයක් ඉටු වූ අවස්ථාවක් ලෙස තමා ඉතා සතුටට පත්වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

දිගුකලක් තිස්සේ පළාත් සභා මට්ටමින් මෙම බඳවාගැනීම් ක්‍රියාවට නංවන ලෙස ඉල්ලීම් සිදුකළ ද එය අසාර්ථක වූ බවත්, මේ නිසා මධ්‍යම රජය යටතේ මෙම බඳවාගැනීම් සිදුකරන්නට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත් බව ද, පසුගාමී මානසිකත්වයෙන් කටයුතු කරන අය සහ ඇතැම් වෘත්තීය සංගම් මේ සම්බන්ධ ව කවරාකාරයෙන් මතවාද පළ කළ ද, රටේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් සිදුකළ මෙම බඳවාගැනීම් තුළ ක්‍රීඩාවෙහි අදක්ෂයින් කිසිවෙක් බඳවාගෙන නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා.

සම්ප්‍රදායික රටාවෙන් බැහැර ව වෙනස් අයුරින් සිතමින්, අභියෝග හමුවේ නොසැලෙමින් කටයුතු කළ නිසා එකවර මෙවන් විශාල පිරිසක් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බඳවාගැනීමට තමන්ට අවස්ථාව සැලසුණු බව ද, පාසල් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් මෙම බඳවාගනු ලබන සියලු නිලධාරීන්ට විශාල වගකීමක් පැවරෙන බව ද, අනාගතයේ දිනක ජාත්‍යන්තරය ජයගත හැකි එක් විශිෂ්ට ක්‍රීඩකයෙක් හෝ තම පුහුණුව යටතේ පාසල් පද්ධතියෙන් බිහිකරන්නට මෙම පුහුණුකරුවන් සමත්විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය, රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, ජ්‍යේෂ්ඨ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා.

 

 

 

Post Views: 34
Previous Post

මංගලගේ ගේම් එකෙන් විසි වු කැසිනෝ ධම්මික

Next Post

වහාබ් අන්තවාදය එරෙහි ජනතා රැළිය හෙට නුගේගොඩදී

editor

editor

Next Post

වහාබ් අන්තවාදය එරෙහි ජනතා රැළිය හෙට නුගේගොඩදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved