27 April 2024
#දේශීය

නාවික හමුදා නිලධාරින් 51 කට කොරෝනා රෝගීය ආසාදනය වෙයි

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් 51 ක් අද (27) වාර්තා වු බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1371 දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසිය.

අද වාර්තා වු කොරෝනා රෝගීන් 51 දෙනා යාපනය නිරෝදායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 51 වේ.

එසේම මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 629 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත. ඊයේ දින සිදු කරනු ලබන PCR පරික්ෂණ ගණණ 1146 වන අතර මෙදින හදුනා ගත් රෝගින් ගණන 137 කි. මෛ රෝගීන්ගෙන් 127 දෙනෙකු කුවේට් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් වන අතර අනෙක් රෝගීන් 10 දෙනා නාවික හමුදා සාමාජිකයින් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *