• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දින 52 ක දේශපාලනය නිසා ඖෂධවලටත් අර්බුධ වු බව ඇමැති රාජිත කියයි

10 June 2019
in සංවර්ධන

දින 52 ක් පුරා පැවැති දේශපාලන අර්බුද සමයෙන් පසු ඖෂධ වර්ග 216 ක හිඟයක් මතු වුවද එය මේ වනවිට 20 දක්වා අවම කර ගැනීමට හැකියාව ලැබු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් දිවයින පුරා ස්ථාපිත කරන නිල සෙවන කාර්යාල ව්‍යාපෘතිය යටතේ බේරුවල ආසනයේ ඉදිකරන ලද නිල සෙවන කාර්යාල 05 ක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ඒ අනුව හිරිගල්ගොඩැල්ල ග්‍රාමසේවා වසමේ ඉදිකරන ලද නිල සෙවණ කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කළ අතර, ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 25 කි.

මෙම අවස්ථාවට එක් වූ හිරිගල්ගොඩැල්ල ශ්‍රී පූර්වාරාම විහාරාධිපති පූජ්‍ය බදනාගොඩ චන්ද්‍රවංශ නාහිමියන් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 කළ සේවයට වඩා වැඩි සේවාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා රටට සිදු කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “දින 52 ක් පුරා පැවැති දේශපාලන අර්බුද සමයෙන් පසු ඖෂධ වර්ග 216 ක හිඟයක් මතු වුවද එය මේ වනවිට 20 දක්වා අවම කර ගැනීමට හැකියාව ලැබුනා. ඇතැම් ඖෂධ ගුවන් මගින් පවා ආනයනය කිරීමට සිදු වුනා. හිඟ ඖෂධ 20 ද කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නවා. දුප්පත්කම සෞඛ්‍ය ප්‍රතිකාර සදහා ජනතාවට ප්‍රශ්නයක් ඇති නොවන අයුරින් සැළැස්වීම මගේ අරමුණයි. නිලසෙවන කාර්යාලවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට ද සිය රාජකාරි සිදු කිරිමට අවස්ථාව සළසා දිය යුතුයි. සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මා කළ මෙහෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ පළාත් සභා රෝහල් රුපියල් කෝටි 450 කට ආසන්න මුදලක් වැය කරමින් සංවර්ධනය කරනවා. පානදුරට නව රෝහලක් ඉදිකරන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් කෝටි 2200 ක්. කළුතර මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කරන අතර, වැය කරන මුදල රුපියල් කෝටි 2350 ක්. මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ අරමුණින් කළුතර මහ රෝහල සංවර්ධනය කරනවා. වෛද්‍ය පීඨය ස්ථාපිත කරනු ලබන්නේ දොඩංගොඩ ප්‍රදේශයේයි. සබරගමුව, වයඹ විශ්ව විද්‍යාල සදහා ද නව වෛද්‍ය පීඨ ඉදිකරනවා. කරාපිටිය වෛද්‍ය පීඨය සදහා බදවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 200 සිට 300 දක්වා වැඩි කරනවා. නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක වන්නේ වත්මන් රාජ්‍ය පාලන සමයේයි. “

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ බේරුවල ප්‍රධාන සංවිධායක ඉෂ්ඨිකාර් ජමීල්, බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාඡ්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 11
Previous Post

සමෘද්ධිය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් විය යුතු නෑ – ඇමැති මංගල කියයි

Next Post

හිස් වු ඇමැති පුටු වලට වැඩ බලන ඇමැතිවරු පත් කරයි

editor

editor

Next Post

හිස් වු ඇමැති පුටු වලට වැඩ බලන ඇමැතිවරු පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved