27 April 2024
#විදෙස්

ජපානයට සුළි කුණාටුවක් – ලක්ෂ 6 ආරක්ෂිත ස්ථානවලට

ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් හය ලක්ෂකයට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 700ක පමණ ධාරානිපාත වැසි ඇති විය හැකි බව කාලගුණ බලධාරීන් සඳහන් කර තිබේ.

ජපානය මෙවැනි දරුණු සුළි කුණාටුවකට මුහුණ දෙන්නේ වසර 60කට පසුව බව විදෙස් මාධ්‍ය කියා සිටියේය. එසේම 3 වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස හැඳින්වෙන හගිබිස් හමා යන්නේ පැයට කිලෝමීටර 195ක වේගයෙන් ය.

ටෝකියෝ අගනුවර, ෂිසූකා, කනගාවා, නගෝයා, නිගාටා ඇතුළු ජපානයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවලට මෙයින් දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි පැවසෙයි.

කාලගුණ නිවේදනයට අනුව ඉදිරි පැය 48 තුළ හකෝනේ නගරයට මිලිමීටර 700ක පමණ තද වැසි ඇති විය හැකි ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *