27 April 2024
#දේශීය

පෙරටුගාමී පක්ෂයේ 03 වන ජාතික සමුළුව 13 වනදා කොළඹදී

අධිරාජ්‍යවාදී නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව, සමාජවාදය උදෙසා, විප්ලවීය වැඩපිළිවෙලක් සටන්කාමී නායකත්වයක් යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 03 වන ජාතික මහා සමුළුව හෙට (13)  දින පෙරවරු 10.00 සිට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වසර හතරකට වරක් සම්මේලනයක් පවත්වා පක්ෂයේ නායකත්ව මණ්ඩල තෝරා පත්කර ගැනෙන අතර මෙවර සමුළුවේදී සාමාජික ඡන්දයෙන් මධ්‍යම කාරක සභාව, ලේකම් මණ්ඩලය ඇතුළු මධ්‍ය මණ්ඩල තෝරා පත්කර ගැනීමට නියමිත බව එම පක්ෂය පවසයි. එසේම මෙවර සම්මේලනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පක්ෂ වැඩපිළිවෙල කෘතියක් ලෙස මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *