27 April 2024
#විදෙස්

ලොවපුරා කොරෝනා රෝගින් ලක්ෂ 6ක් මියයයි

පසුගිය දෙසැම්බර් මස සිට පැවැති කොරෝනා වෛරස් තත්ත්වයෙන් මේ වන විට 613,248 කගේ ජිවිත අහිමිව තිබේ.

චීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වයිරසය ව්‍යාප්ත පටන්ගෙන මේ වනවිට මාස හතකට අධික කාලයක් ගත වී ඇත.

මේ වනවිට ලොවපුරා රටවලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 14,855,107 කි. වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ ගණන 8,907,167කි.

ලොව බොහෝ රටවල් තවමත් වයිරස ආසාදිතයන් හඳුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ හෙවත් කොවිඩ්-19 පරීක්ෂණ සිදු කරයි. සමාජ දුරස්ථභාවය තවදුරටත් පවත්වාගෙන යායුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *