27 April 2024
#දේශීය

රාජපක්ෂලා බුවනෙකබාහුව සල්ලාලයෙක් කරන්න හදනවා – රෝහිණි කියයි

අද රාජපක්ෂ රජපවුල, කුරුණෑගලට ඇවිත් බුවනෙකබාහු ගේ රාජ සභාව බුල්ඩෝසර් කල බව රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

ඇය කියා සිටියේ රාජපක්ෂලා විසින් බුවනෙකබාහුගේ නිධානේ ගන්න තමයි උත්සහ කරලා තිබෙන බවත් බුවනෙකබාහු අවතාරය නැත්තම් දේව බැල්ලම් ලැබිලා බුල්ඩෝසරය කැඩු බවයි.

මේ වන විට බුවනෙකබාහු සල්ලාලයෙක් කරන්න හදන බව ඇය අනාවරණ කලේය. රාජපක්ෂ රජ පවුල කුරුණෑගලට පැමිණ අපේ රටේ සංස්කෘතික පුණරුදයේ කේන්ද්‍රස්ථානයක් වුණු බුවනෙකබාහු විනාශ කරන බව ඇය කියා සිටියාය.

දැන් බුවනෙකබාහු සල්ලාලයෙක්, මුස්ලිම් ගෑණු තියාගෙන හිටපු රජයෙක් කියන්න තරම් සංස්කෘතික ඇමති මහින්ද රාජපක්ෂ ගේ ඔළුව විකාර වී ඇති බව කවිරත්න මහත්මිය කියා සිටියාය.

එසේම බුවනෙකබාහු බෝසර් කරපු රාජපක්ෂ පාලනයට මේ රටේ මිනිස්සු අගෝස්තු 5 පාඩමක් උගන්වනවා යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *