විවිධ චෝදනාවලට ලක්ව මේ වන විටත් භික්ෂූන් වහන්සේලා 62 නමක් පමණ බන්ධනාගාරගතව සිටින බවත්, උන්වහන්සේලා සිරකරුවෙකුට නීතියෙන් උරුම ඇඳුම ඇඳගෙන තම දඬුවම් කාලය සිරමැදිරි තුළ ගෙවමින් සිටින බවත් පෑලියගොඩ රෝහණ විහාරාධිපති, ගම්පහ දිසාවේ ප්රධාන සංඝනායක ශාස්ත්රපති ඌරාපොල ප්රේමසිරි නාහිමියෝ පවසති.
පෑලියගොඩ රෝහණ විහාරස්ථානයේ පැවති මාධ්ය හමුවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාහිමියන් සඳහන් කළේ, එක් සිදුවීමක් මත පදනම්ව සමාජ මාධ්ය ඔස්සේ සිදුකරන විවිධ අසංවර ප්රකාශ සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවයි. වත්මන් රජය බලයට පත්වීමට පෙර රටේ පැවැති අභියෝගාත්මක ආර්ථික හා සමාජීය පසුබිම මෙන්ම, දිට්වා සුළිකුණාටුව සහ ජාත්යන්තර ගැටුම් වැනි අර්බුද හමුවේ වත්මන් ජනාධිපතිවරයා සංයමයෙන් යුතුව කටයුතු කරන ආකාරය ද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ. එබැවින්, රටට ආදරය කරන බුද්ධිමත් ජනතාවක් ලෙස වත්මන් රජයේ වැඩපිළිවෙළට සහාය දී ඉවසීමෙන් කටයුතු කිරීම වගකීමක් බවද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.
















