වතුකරයේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ සහ ප්‍රදේශයේ ධීවරයන්ගේ ආර්ථික තත්ත්වය නංවාලීමේ අරමුණින්, කාසල්රි ජලාශයට මිරිගල් මත්ස්‍ය පැටවුන් 66,000ක් මුදාහැරීම අද (අගෝස්තු 12) පස්වරුවේ සිදු කෙරිණි.
කාසල්රි ජලාශයේ ධීවර සමිතියේ ප්‍රතිපාදන මත උඩවලව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයෙන් මෙම මත්ස්‍ය පැටවුන් ලබාගෙන ඇත. මෙලෙස මුදාහරින ලද මත්ස්‍ය පැටවුන් මාස 6ක කාලයක් තුළ කිලෝග්‍රෑම් 1.5ක පමණ බරකින් යුතුව වැඩෙන අතර, ඉන්පසු ලබාගන්නා මත්ස්‍ය අස්වැන්න වතුකරයේ ජනතාව වෙත ඉතා සහනදායී මිලකට අලෙවි කිරීමට නියමිතය.
මීට අමතරව, ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් සඳහාද මිරිදිය මත්ස්‍යයන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ ආර්ථිකය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















