• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉපලෝගම වකුගඩු රෝගීන් 70 වෙත ගෘහස්ථ ජල පෙරණ බෙදා දෙයි

25 March 2019
in සංවර්ධන

ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වකුගඩු රෝගීන් 70 දෙනෙකු වෙත ගෘහස්ථ ජල පෙරණ බෙදා දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අනුරාධපුර වකුගඩු රෝහලට අනුබද්ධව ජනතා අයිතියට පත් කල මෙත්සිරි සෙවන වකුගඩු ⁣රෝගී සහන සත්කාර හා සුභසාධන මධ්‍යස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශමට්ටමින් තොරා ගත් අඩු ආදායම්ලාභි වකුගඩු ⁣රෝගීන් වෙත මෙම ගෘහස්ථ ජල පෙරණ බෙදා දීම සිදු කෙරිණි.

රකිමු වකුගඩු පණ සේ…. සුවය දිවිමග එවිට සැලසේ… යන තේමාව ය⁣ටතේ ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධනබලකායේ ප්‍රථිපාදන යටතේ මෙම ගෘහස්ථ ජල පෙරණ තෝරාගත් වකුගඩු රෝගීන්වෙනුවෙන් බෙදා දීම සිදු කෙරේ.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා, ” මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ පළාතේ කෙනෙක් වේච්ච නිසා වකුගඩු ප්‍රශ්නය ගැන ඉතාමත් හොඳින් දන්න නිසා අපි ගැන බලන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති බවට පත් වෙලා ප්‍රථමයෙන් ආරම්භ කළ වැඩසටහන තමයි වකුගඩු කාර්යය සාධන බලකාය හදලා එතුමාගේ මැතිවරණයට ලැබුණු මුදල් පරිත්‍යාග වලින් අරමුදල ආරම්භ කරලා,වර්ථමානය වන විට ආණ්ඩුවේ සහයත් අරගෙන වකුගඩු රෝගියකු වෙනුවෙන් පවුලකට තිබුණ තනි බර ආණ්ඩුවත් කරට අරගෙන , ජනාධිපතිතුමා මැදිහත් වෙලා යම් සහනයක් ලැබිලා තියෙනවා.මේ සහනය නොලැබුණා නම් රෝගියට ලෙඩේ දුකත්, පවුලේ අය විදින දුකත් දෙකම තියාගෙන දුකින්ම ජීවත් වෙනවා.ජනාධිපතිතුමන් මේ සඳහා නායකත්වය ගැනීමත් එක්ක, වකුගඩු රෝගීන්ට සහනයක් ලැබිලා තියෙනවා.වකුගඩු රෝගයේ පීඩනය දරා ගන්න බැරිව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් 04 දෙනෙක් සිය දිවි නසා ගෙන තියෙනවා.ඒකට හේතුව රෝගීන්ට අවශ්‍යය දැනුම ලබා දීමට ක්‍රමවේදයක් නොතිබුණ නිසයි.හෙන ගැහුවා වගේ ඔහෝ මැරිලා ගියා මිසක් , සෞඛ්‍ය දියුණු නිසා දැන් දැනගන්නවා වකුගඩු රෝගය මේ හැදිලා තියෙන්නේ කියලා.මේ රෝගය වැළදුනාට පස්සේ මානසික මට්ටම හොඳ තත්වයක තියා ගත්තේ නැත්නම් සිය දිවි නසා ගන්නත් වෙනවා. ජනාධිපතිතුමන්ගේ අතින් විවෘත වුණ මෙත්සිරි සෙවන ආයතනය තුළ වකුගඩු රෝගීන්ට උපදේශන ලබා දෙන්නත් කටයුතු කරනවා.කොහොමද මේක දරා ගන්නේ කියලා කියලා දෙනවා.මානසික ශක්තිය වැඩි කරන්න උපදේශණයත් ලබා දෙනවා.අපි වැඩි හරියක් ඉන්නේ බෞද්ධයෝ, හැබැයි අපි බෞද්ධ ආගමේ කියන ධර්මය අහලා අපි සාදු කිව්වට අපි තේරුම් ගන්නේ නෑනේ. පාසල් ළමයෙකුට පන්සල මතක් වෙන්නේ විභාගයක් කිට්ටු වෙන කොට , තරුණ වයසේ අම්මලා තාත්තලාට පන්සල මතක් වෙන්නේ මේ කාලේ ටිකක් අපළයි කියලා කේන්දර බලන කෙනෙක් කිව්වොත් තමයි.වයසට ගිහින් කරන්න දෙයක් නැති වුණාම ඊළඟට පන්සල මතක් වෙනවා.ඔය වර්ග කීපයම ගත්තත් පන්සලේ කොච්චර හොඳ බනක් කිව්වත් සාදු කියලා බණ ටික එතනම තියලා ඇවිත් ආයෙමත් දුකින් ඉන්නවා.අපි අත්හරින්න පුරුදු වෙලත් නෑ, පුරුදු කරලත් නෑ, ඒ වගේම තමයි පන්සලත් අත්හරින්න පුරුදු වෙලා නෑනේ.පන්සලත් කරන්නේ එකතු කරන එක විතරයි යැයි පැවසීය.

Post Views: 10
Previous Post

මහබැංකුවේ හිටපු නි. අධිපති ඇතුළු 04 ක් අත්අඩංගුවට

Next Post

OPPO වෙතින් OPPO F11 Pro වෙළෙඳ පොළට

editor

editor

Next Post

OPPO වෙතින් OPPO F11 Pro වෙළෙඳ පොළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved