27 April 2024
#දේශීය

මහමැතිවරණ ඡන්ද වීමසිම අවසන් .. ඡන්දය ප්‍රකාශ කිරීම 70%

මහ මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් කල බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී අද (05) උදෑසන 07.00ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම පස්වරු 05.00ට අවසන් කෙරුණු බව මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අද දිනයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවති බවයි.

ඒ අනුව මුද්‍රා තබන ලද ඡන්ද පෙට්ටි මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එමින් පවතින බව සභාපතිවරයා කියා සිටියේය.

එසේම ඡන්දය ප්‍රකාශය කිරීම 70% ක් බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය..

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *